අක්ෂි බද්ධයට හම්බන්තොට රෝහලට ගිය කාන්තාවකට ශල්‍යාගාරයේදී ඔළුවට ගහලා

2018-08-15 09:26:00       607
feature-top
අක්‍ෂි කාචයක්‌ බද්ධ කිරීම සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් වූ කාන්තාවකට ශල්‍යාගාරයේ දී ශල්‍ය උපකරණයකින් හිසට පහර දුන්නැයි කාන්තාවක්‌ වලස්‌මුල්ල රෝහලට ඇතුළත් කර ඇත. 
 
 එම කාන්තාව විසින් මෙම පහරදීම පිළිබඳව වලස්‌මුල්ල මූලික රෝහලේ රෝහල් පොලිසියට පැමිණිල්ලක්‌ද සිදුකර ඇත. මෙසේ රෝහල්ගතව සිටින්නේ වලස්‌මුල්ල දළුවක්‌ගොඩ පදිංචි පී.කේ.එච්. කුසුමාවතී නමැති අසූඑක්‌ වියෑති කාන්තාවකි. මේ පිළිබඳව හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාටද පැමිණිලි කළ බව මෙම කාන්තාව පවසයි.
 
 මේ පිළිබඳව පැවසූ සෝමාවති මහත්මිය, 
 
 මම ඇහැට කාචයක්‌ දාන්න හම්බන්තොට ඉස්‌පිරිතාලෙට ගියේ සෙනසුරාදා (08 වැනිදා) උදේ හතට විතර ඔපරේෂන් කරන්න කියල එක්‌ක ගියා. එකොළහ විතර වෙනකම් ඉඳලා ආපහු ආවා වෙලාව නැහැ කියල. ආයෙත් දොළහ හමාරට විතර එක්‌ක ගියා. ඔපරේෂන් කරන්න කියල. මට හිරිවැටෙන්න බෙහෙත් විද්දෙ නැහැ. මම ඇහුවම කිව්වා ඕන නැහැ බෙහෙත් දැම්මම හරියනවා කියලා. මට මොකකින්ද ඔළුවටයි නළලටයි කිහිප සැරයක්‌ ගැහැව්වා. මම කිව්ව ගහන්න එපා මම මැරෙයි කියලා. බලන්න මගේ ඔළුව ගෙඩි ගැහිලා නළලත් ගෙඩි ගැහිලා. කලන්තෙ වගේ හැදෙනවා යෑයි පැවසීය. මේ පිළිබඳව හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගෙන් විමසීමට දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

(under the courtesy of nethgossip.lk news web)

More News »