කොළඹ පසුබසී

2018-08-14 03:44:00       613
feature-top
ලොව ජිවත්වීමට සුදුසුම නගර අතර ඉකුත් වසරේ 124 වන ස්ථානයේ රැඳී සිටි කොළඹ, මෙවර 130 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. ඒ, ලෝක ආර්ථික බුද්ධි ඒකකය විසින් සිදු කෙරෙන ශ්‍රේණිගත කිරීමක් අනුවයි.

රටවල් 140ක නගර සැලකිල්ලට ගෙන මෙම සමික්ෂණය සිදු කර තිබෙනවා.

ඒ සඳහා නිර්නායක ලෙස යොදා ගෙන ඇත්තේ සාමාජීය ස්ථාවරත්වය, සෞඛ්‍ය ආරක්ෂණය,  සංස්කෘතිය හා පරිසරය, අධ්‍යාපනය සහ  යටිතල පහසුකම් යන අංශයි. 

ජන වර්ග අතර ඉකුත් සමයේ ඇතිවූ කලහකාරී තත්ත්වයන් සහ ඒ අනුව පනවන ලද හදිසි නීතිය නිසා කොළඹ නගරයේ ස්ථාවරත්වය කැපී පෙනෙන ලෙස අඩුවූ බව ලෝක ආර්ථික බුද්ධි ඒකකය පවසනවා.

ලොව ජිවත්වීමට සුදුසුම නගර අතර කොළඹ 124 වන ස්ථානයේ සිට 130වන ස්ථානය දක්වා පසුබැසීමටද ප‍්‍රමුඛ හේතුවද එය වන බවයි ලෝක ආර්ථික බුද්ධි ඒකකය පෙන්වා දී ඇත්තේ.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස ඔස්ටි‍්‍රයාවේ වියානා හඳුනාගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »