ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා ඩිලන්ත මාලගමුව ඝාතන‍ය කරන්න උත්සාහයක්

2018-08-14 01:45:00       686
feature-top
මෝටර් රථ ධාවන ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව වාර්තා වෙනවා. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් දැනටමත් මෙම ඝාතන සැලසුම පිළිබද පරීක්ෂණ අරඹා තිබෙන බව වාර්තා වේ.

මේ විමර්ශනය පවත්වන්නේ මාලගමුව සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවය.

ඉඩම් ප්‍රශ්නයක් මත හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව දී ඇති බවත් මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන ඩිලන්ත මාලගමුව දැනුම් දී ඇත. ඩිලන්ත මාලගමුව මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය.

(under the courtesy of nethgossip.lk news web)

More News »