"ලංකාවේ තුනෙන් එකකට විතර හිටපු එකම වෛද්‍යවරයා ඔහුයි"

2018-08-14 12:47:00       623
feature-top
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම තවදුරටත් අඩාල වී තිබෙනවා. එහි සිටි එකම විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පහරදීමකට ලක්ව රෝහල්ගතව සිටින නිසා දැන් සති දෙකක් පමණ තිස්සේ එහි සිදු කෙරෙන්නේ සැත්කම් සීමිත ප‍්‍රමාණයක් පමණයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන එම රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ඞී. එම්. සමරවීර සඳහන් කළේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා යළි පැමිණෙන තෙක් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි. 

පහර දීමකට ලක්ව රෝහල් ගතකර සිටින ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයා වෙනුවට සේවා ආවරණය කිරීමට වෙනත් වෛද්‍යවරයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ නොමැතිදැයිද  මෙහිදී විමසීමක් කළා. 

එහිදී "උතුරේ සිට පොළොන්නරුව..කුරුණෑගල දක්වා ලංකාවේ තුනෙන් එකකට විතර හිටපු එකම වෛද්‍යවරයා ඔහුයි. මේ පිළිබඳව බලධාරීන්ට දැනුම් දීලා තියෙන්නේ." යනුවෙන් සඳහන් කළා.

මේ අතර වෛද්‍යවරයාට කෙරුණු අදාළ පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අනිද්දා (16) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

More News »