පාතාලයේ ගේම් ගැසූ  මංජු කොටු වේ - මංජු සමග සම්බන්ධකම් පැවැත්වූ ප්‍රබල ඇමති මෙන්න!

2018-08-11 01:51:00       680
feature-top
පෑලියගොඩ පාතාලයේ ප්‍රබලයෙකු වන පාතාල නායක මල්වත්තේ මංජු වි ආයුධ සහ හෙරොයින් සමග පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් පසුගිය 09 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. පතාල නායක මල්වත්තේ මංජු මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියි.

මල්වත්තේ මංජු නමැත්තා ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සමීපතමයකු බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුනි. මල්වත්තේ මංජු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සමඟ එකට සිට ගන්නා ලද ඡායාරූප පවා  පසුගිය දින පළ කළේය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ මල්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවසේ සිටියදී ය. මොහු සතුව තිබී මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝලයක්‌, ජීව උණ්‌ඩ, කඩු, කිනිසි, හෙරොයින් විවිධ පුද්ගලයන්ට අයත් හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර තොගයක්‌ ද විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගෙන තිබිණ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දී ඇත.

(under the courtesy of nethgossip.lk news web)

More News »