මේක අරගලය නෙවෙයි වෘත්තීය සමිති ත්‍රස්තවාදය

2018-08-11 01:31:00       539
feature-top
මහජනතාව පීඩාවට පත් කරමින් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සිදු කෙරෙන වැඩවර්ජන කිසිසේත් අනුමත කළ නොහැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. දුම්රිය සේවකයින් කි‍්‍රයාත්මක කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය, ජල සම්පාදනය සහ විදුලිය සැපයීම වැනි අත්‍යාවශ්‍ය සේවා වෘත්තිය අරගල බව පවසමින් ජනතාව දැඩි පීඩාවට පත් කිරීම ඉතාමත් වැරදි සහගත බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙය වෘත්තීය සමිති ත්‍රස්ථවාදය බවයි ඔහු පවසන්නේ.

(under the courtesy of nethnews.lk news web)

More News »