ගුවන් මගියාගේ බඳපටියෙන් හෙළිවූ රහස

2018-08-11 11:01:00       541
feature-top
රුපියල් ලක්‍ෂ 65 ක් පමණ වටිනා රන් බිස්කට් 10 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු රේගුව මගින් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුවේ සිට එම රත්රන් තොගය මෙරටට රැගෙන ඒමට තැත් කර ඇත්තේ කොළඹ සහ මහබාගේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඉන් එක් සැකකරුවෙකු තමන් ඇද සිටි කලිසම වටා බැද තිබු ඉන පටිය තුළ සගවා රන් බිස්කට් කිහිපයක් මෙරටට රැුගෙන ඒමට තැත් කර ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ. අනෙක් සැකකරු සිය ගමන් මල්ලේ සගවා රන් බිස්කට් කිහිපයක් මෙරටට රැගෙන ඒමට තැත් කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »