කාලගුණයේ වෙනසක්

2018-08-11 09:59:00       689
feature-top
හෙට සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප‍්‍රනාන්දු පැවසුවේ අද දිනයේද දිවයිනේ ප‍්‍රදේශ රැසකට තරමක වැසි ඇති විය හැකි බවයි.

අද රාති‍්‍රයේ සිට දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. විශේෂයෙන් වයඹ සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල එම තත්ත්වය ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

අනාවැකිය

මෙම මස 12වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ, වැසි තත්ත්වගේ සහ සුළඟේ වේගය තරමක වැඩිවීමක් අගේක්ෂාකෙරේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

වයඹ පළාවත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව සහ මධ්‍යම ළාත්වව ත් කළුතර දිස්ත්‍රික්කවේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 වැඩි තරමක් තද වැසිද ඇති විය හැක. මධ්‍යම, සබර මුව, බස්නාහිර, දකුණු, වෙඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

(under the courtesy of nethnews.lk news web)

More News »