මන්නාරමේ වායු නිධි පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙයි

2018-08-11 08:51:00       790
feature-top
මන්නාරම් ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේෂණය සඳහා සකස් කරන ලද ගවේෂණ ලිං තුළ සිදුකළ කැණිම් වලදී හමුවූ ස්වභාවික වායු නිධි පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි වූ බව ඛනිජ තෙල් සම්පත් ලේකම් කාර්යාලය පවසයි.

ඩොරාඩෝ නමින් හඳුන්වන ස්වාභාවික වායු නිධියේ ඝන කියුබික් බිලියන 350ක වායු ප්‍රමාණයක් හා බැරකූඩා නමින් හඳුන්වන ස්වභාවික වායු නිධියේ වායු ගණ අඩි බිලියන 650ක ප්‍රමාණයක් තිබෙන බවට මෙතෙක් සිදුකර ඇති ගවේෂණ වලදී අනාවරණය වී ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සඳහන් කළේය.

එමෙන්ම 2023 වර්ෂය පමණ වන විට එමගින් විදුලිය උත්පාදනය කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සොයාගැනීම සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කලේ එවැනි සොයාගැනීම් සිදුකළ ද ඒවා ජාතික සැළසුමක් යටතේ ක්‍රමාණුකූලව ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු නොකිරීම හා බලධාරීන්ගේ උනන්දුවක් නොමැති වීම කණගාටුවට කරුණක් බවය.

(under the courtesy of adaderana.lk news web)

More News »