ධාවනය කෙරෙන දුම්රියත් නැවැත්වීමට වර්ජකයන් සැරසේ

2018-08-10 02:17:00       656
feature-top
ඉල්ලීම් වලට විසඳුම් නොලැබීම හේතුවෙන් දැනට ධාවයේ යොදා ඇති දුම්රිය අට ද හෙට සිට ධාවනය නොකරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

උදෑසන සහ පස්වරුවේ කාර්යාල දුම්රිය 8 ක් ධාවනය කරවීමටයි ඊයේ දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.

කෙසේ වෙතත් හෙට සිට එම දුම්රිය නතර කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ  සඳහන් කළා.

එහෙත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සදහන් කළේ දුම්රිය ධාවනය නොකරන්නේ නම් ඒ සදහා විකල්පයක් ලෙස අමතර බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට එක්කරන බවයි.

දුම්රිය ගමන්වාර 8 ක් ක්‍රියාත්මක වුව ද අදත් මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්වුණා.

මේ අතර, අදාළ වැටුප් වැඩි වීම් ලබාදෙන්නේ නම් ඉන් රාජ්‍ය අංශයේ විශාල වැටුප් විෂමතාවක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි මුදල් අමාත්‍යාංශ ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්නගෙන් ද අප විමසීමක් කළා.

ඔහු කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ ගියත් ඊට සරිලන කාර්යක්ෂමතාවක් පවතින්නේ ද යන්න ගැටලූ සහගත බවයි.



(under the courtesy of hirunews.lk news web)

More News »