විපක්ෂනායක ගැන කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට කියයි

2018-08-10 10:31:00       628
feature-top
ව්‍යවස්ථානුකූලව හෝ සම්ප්‍රධායන්ට අනුව විපක්ෂනායකවරයා ලෙස වෙනත් කෙනෙකු පත් කිරීමට නොහැකි බව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද (10) දැනුම් දුන්නා.

බ්‍රිතාන්‍ය සම්ප්‍රධායට හෝ ලෝකයේ වෙනත් පාර්ලිමේන්තු සම්ප්‍රධායන්ට අනුවද එය කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. එහෙත් පාර්ලිමේන්තු විවාදයන්ට කාලය ලබාදීමේදී හා කාරක සභා අවස්ථාවන්හිදී ඒකාබද්ධ විපක්ෂයට දැනට ලබා දෙන කාලය හා අවස්ථාවන් වැඩි කිරීමට තම අවධානය යොමුව ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ දිනේෂ් ගුණවර්ධන විපක්ෂනායකධූරයට පතත්කරනා ලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

More News »