එකම පවුලේ දැරියන් තුන් දෙනෙකු දූෂණය කළ මොණරාගල පස් දරු පියා

2018-08-10 09:13:00       610
feature-top
එකම පවුලේ දැරියන් තුන් දෙනෙකු දූෂණය කළ පස් දරු පියෙකු අත්අඩංගුවට

මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පාසල් සිසුවියන් තිදෙනෙකුවරින්වර දූෂණය කළ පුද්ගලයකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගමෙම සැකකරු විසින් මෙම දැරියන් 2012 වසරේ සිට අපයෝජනය කර ඇති අතර වැඩි මහල් දියණිය දූෂණය වී ඇත්තේ 2012 වසරේ දීයි.

ඒ වන විට ඇයට අවුරුදු දහයක් බව අනාවරණය වී තිබෙනවා.

ඉන් පසු දෙවැනි දැරිය අපයෝජනය කර ඇති අතර ඒ වන විට එම දැරියට අවුරුදු දාහතරක් වන බවයි අප වාර්තාකරු සදහන් කරේ.

තෙවැනි දියණිය අපයෝජනය කරන විට ඇයට අවුරුදු නවයක්යි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ.

සැකකරු මෙම දැරියන් වසර ගනනාවක් තිස්සේ විටෙන් විට දූෂණය කර ඇති අතර එම දැරියන් අද වන විටත් පාසල් යන පාසල් සිසුවියන් වනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හතලිස් අටක පුද්ගලයකු වන අතර සැකකරුටද දියණියක් පස් දෙනෙකු සිටන බව ඇතිමලේ පොලිසිය පවසනවා.

ගමෙම සැකකරු මෙම දියණියන්ගේ පවුල සමග සමීපතම සම්බන්ධකම් පවත්වා ඇති අතර මෙම සිදුවීම් කිසිවක් දෙමාපියන් නොදන්නා බව දෙමාපියන් පොලිසියට පවසා තිබෙනවා.

සැකකරු මෙම දියණියන්ගේ පියාට හිමි හෙනේ වැඩකටයුතුවලට නිතර නිතර පැමින උදව් කර තිබෙනවා.

එම නිසා ඒ පිළිබඳ කිසිදු සැකයක් දෙමාපියන්ට ඇති වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඇතිමලේ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදු කල විමර්ශන වලදී සිද්ධිය පිළිබඳ සියලුම තොරතුරු හෙලිදරව් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (09) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මේ මස විසිතුන් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

දැරියන් වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.




(under the courtesy of hirunews.lk news web)

More News »