කාර්යාල දුම්රිය 9ක් කොළඹ එති

2018-08-10 09:03:00       539
feature-top
දුම්රිය වැඩවර්ජනයක් සිදු කෙරුණද මගී පීඩා අවම කිරිම සදහා අද (10) පෙරවරුවේ කාර්යාලීය දුම්රිය 9 ක් පිට ප‍්‍රදේශවල සිට කොළඹට ධාවනය කර තිබෙනවා. මහනුවර, අනුරාධපුර, මහව, රඹුක්කන, ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ල සිට එක් දුම්රිය බැගින් ධාවනය කෙරුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. හලාවත සිට දුම්රිය 2 ක් ධාවනය කර තිබෙනවා.

මෙම සෑම දුම්රියකටම විශේෂ ආරක්‍ෂාවක්ද සපයා තිබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් මගී අවශ්‍යතා සපුරාලීමට මෙම දුම්රිය ප‍්‍රමාණවත් නොවූ බව වාර්තාකරුවන් පවසනවා. දුම්රිය මගහැරුණු බොහෝ පිරිසක් පීඩාවට පත් වුණා. ඊයේ මෙන්ම අදත් බස්රථවල මගීන් වැඩි පිරිසක් ගමන් කරන බවයි වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවේ. 

සාමාන්‍ය දිනකදි පෙරවරුවේ සිදු කෙරෙන කාර්යාලීය දුම්රිය ගමන් වාර ගණන 60 කට වැඩියි.

(under the courtesy of nethnews.lk news web)

More News »