ඉන්ධන මිලෙහි වෙනසක්

2018-08-10 08:57:00       605
feature-top
අද හෝ ඉදිරි දින කිහිපය ඇතුළත ඉන්ධන මිල නැවත සංශෝධනය විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා. ඉකුත්දා හදුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිළ මෙලෙස සංශෝධනය කෙරෙනු ඇති.

මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කරනවා. අවසන් වරට ඉන්ධන මිල වැඩි කෙරුණේ ඉකුත් ජූලි මස 10 වනදායි. 

මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල වැඩිවනු ඇත්ද නැතහොත් අඩුවේ දැයි  මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් විමසීමක් කළා. එහෙත් ඒ බව දැන්ම ප‍්‍රකාශ කළ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර ප‍්‍රකාශිත මෙම ඉන්ධන මිල සූත‍්‍රය කුමක් දැයි රටට ප‍්‍රසිද්ධ කරන ලෙස පාර්ශව කිහිපයක් අවස්ථා කිහිපයකදී ඉල්ලීමක් කළා. ඒ පිළිබද කළ විමසීමකදි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විධිමත් ඉල්ලීමක් කර  ඕනෑම අයෙකුට මිල සූත‍්‍රය ලබාගත හැකි බවයි.

(under the courtesy of nethnews.lk news web)

More News »