වෛද්‍යවරයාට පහරදුන් මැර සරසවි සිසුන් පිරිසක් තවමත් නිදැල්ලේ

2018-08-09 11:12:00       742
feature-top
පේරාදෙණිය සරසවියේ අනවසරයෙන් රැඳී සිටින සිසුන් කිහිප දෙනෙකුගේ පහරකෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ සේවයට වාර්තා කළ නොහැකි තත්ත්වයක පසුවනවා. ඒ පහර දීමෙන් අනතුරුව දකුණු අතෙහි ඇතිව තිබෙන අබාධය හේතුවෙන්.

අනුරාධපුර රෝහලේ මෙන්ම උතුරු මැද හා උතුරු පළාතට සිටින එකම ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා මොහු වන බැවින් රෝගීන් සිය ගණනක් මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට සිසිුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් ඊට සම්බන්ධ තවත් සිසුන් කහිප දෙනෙක් තවමත් නිදැල්ලේ හැසිරෙමින් සිටිනවා. 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අනුරාධපුර ශික්ෂණ රහෙලේ විශේෂඥ වෛද්‍යවරුන් හා රජරට වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් පොලිසියට හා වගකිවයුත්තන්ට පෙන්වා දෙන්නේ, අනෙකුත් සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එසේ නොකරන්නේනම් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(under the courtesy of nethnews.lk news web)

More News »