කැබ් රථයකින් හොරට හරක් ඇද්ද අයෙකුට වැඩ වරදියි

2018-08-09 09:14:00       746
feature-top
කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ එළ ගවයින් තිදෙනෙකු හොරෙන් අල්ලා නීතිවිරෝධි අයුරින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ ප්‍රදේශයේ එළ ගවයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීම්වලදී අදාළ ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයා ඊයේ(08) අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි.

සැකකරු කුඩා කැබ් රථයක ගවයින් පටවාගෙන ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ධර්මපුරම් ‍පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »