මාධ්‍ය තර්ජන ගැන කල් තැබීමේ විවාදය අද

2018-08-09 08:55:00       740
feature-top
ජනමාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට සිදුවන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අද (09) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මේ පිළිබඳව අනාවරණය කළා.

පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි. 

මේ අතර මාධ්‍යට එල්ල වන තර්ජන කිසිසේත් අනුමත කළ නොහැකි බව ආගමික නායකයින් අවධාරණය කරනවා.

කිසිවෙකුටත් තර්ජනය කිරීම කිසිදු ආගමකින් අනුමත නොකරන බවයි පානදුර කන්දසාමි කෝවිලේ බ‍්‍රහ්ම ශ‍්‍රී ලක්ෂ්මි කාන්ත ජෙගදීෂ්වර් කුරුක්කල් තුමන්ද පැවසුවේ. 

රටට සත්‍ය තොරතුරු අනාවරණය කිරීම මාධ්‍යයේ වගකීම බවයි ආගමික නායකයින් දිගින් දිගටම පෙන්වා දුන්නේ. 

(under the courtesy of nethnews.lk news web)

More News »