අධික වේගයෙන් ගිය විදේශිකයා නිසා මිලියන 7ක් දඩ ගෙවන්න සිදුවූ ස්වදේශී ආයතනය
2018-08-07 09:07:00  ★ 739

පැය 4 ක් තුලදී ඩුබායි නගරයේ වේග සීමාවන් උල්ලංඝණය කරමින් රිය පැදවූ 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු හේතුවෙන් ඔහු පැදවූ වාහනය හිමි ආයතනයට එරට බලධාරීන් විසින් අමෙරිකානු ඩොලර් 47,600 ක දඩයක් නියම කර තිබෙනවා. එලෙස පනවා තිබෙන දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් හැත්තෑ හය ලක්ෂ දහසය දහසක් (රු. 7,616,000) වනවා.
ඩුබායි හි සංචාරය කිරීමට පැමිණි මෙම තරුණයා එරට පිහිටි සුඛෝපභෝගී වාහන කුලියට දෙනු ලබන ආයතනයකින් ලැම්බොර්ගිනි වර්ගයේ කාර් රථයක් ලබා ගෙන තිබෙනවා.
පසුව ඔහු ඩුබායි හි පිහිටි ෂික් සෙයිඩ් මාර්ගයේ සිය රථය පැයට කිලෝමීටර් 231 ක වේගයෙන් පදවා ඇති අතර එම මාර්ගයේ ස්ථාපිත කර තිබෙන ස්වයංක්‍රිය වේග මාපක 33 ක් පසුකර ඇති අතර එම සෑම වේග මාපකයකින්ම අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් වන දඩ පත්‍රිකා නිකුත් කර තිබෙනවා. ඔහු මෙම වරද සිදුකර ඇත්තේ ඉකුත් ජුලි 31 වනදා අළුයම 2.31 සිට 6.26 අතර කාලය තුලදී.
අධික වේගයෙන් යුතුව රිය පැදවීම සම්බන්ධයෙන් වන දඩ මුදල් අය කර ගැනීමේ පත්‍රිකාව අදාළ මෝටර් රථය කුලියට දුන් සමාගම වෙතට ඩුබායි බලධාරීන් විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
වරද සිදුකර ඇත්තේ සංචාරකයෙකු බැවින් ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවුනත් අදාළ ආයතනයට දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති බවයි එරට පුවත්පත් වාර්තා කර තිබෙන්නේ.
(under the courtesy of nethnews.lk news web)
පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ
2019-02-23 03:50:00කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු
2019-02-23 03:48:00මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතනයකට..දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක..
2019-02-23 02:55:00කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්
2019-02-23 02:48:00පොලීසිය තුළදීම මුගුරකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි
2019-02-23 02:12:00ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.
2019-02-23 02:02:00මොන ඡන්දෙ ආවත් අපි ලෑස්තියි
2019-02-23 01:47:00'ඛේමාගේ කොලුවා' මංගල දේශපාලනයේ 30 සමරයි..කොළඹ ලොකු උත්සවයක්..ඇමරිකාවෙනුත් එයි
2019-02-23 01:34:00විද්‍යාපීඨ අයදුම්පත් 80,000ක්..බදවා ගැනීම දැඩි අර්බදයක්..
2019-02-23 01:28:00සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව
2019-02-23 01:23:00ඒඩ්ස් (HIV) පරීක්ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..
2019-02-23 12:18:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com