‘‘අපි පැරදුනේ කණ්ඩායමේ සුළු වැරදි නිසා‘‘ එක් දින තරඟ පරාජය ගැන දික්වැල්ල කියන කතාව

2018-08-02 11:57:00       541
feature-top
දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (01) පැවැති දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය කඩුලු 4 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුනා. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 244 ක්. ලකුණු 245 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම  පන්දුවාර 42 යි පන්දු 5 ක් අවාසනයේ කඩුලු 6 ක් පමණක් දැවී තරඟයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් තරගය පුරාවටම සිදූ වු සුළු වැරදි නිසා තරඟය පරාජය වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කියා සිටියේ. තරඟයෙන් පසුව පැවති මාධ්‍ය හමුවක් අමතමින් නිරෝෂන් දික්වැල්ල ඒ පිළිබඳ සඳහන් කළේ මෙලෙසින්.

‘‘අපේ අතින් වැරදි වුණා තරගය පුරාවට. තරගයක් ජයග්‍රහනය කරනවානම් සුළු සුළු වැරදි හුගක් කරලා අපිට තරගයක් ජය ගන්න බැහැ. නමුත් වැරදි දෙක තුනක් වෙන්න පුළුවන්. අපි ඒ වැරදි හදාගෙන  අපිට ජයග්‍රහනය කරා යන්න පුළුවන් නම් අපිට හොඳ දෙයක් ඒක තරගය ජයගන්න. ඒත් සුළු සුළු වැරදි තරගය පුරාවට හුඟක් වේලාවට කළොත් අපිට තරගය ජයගන්න අමාරුයි. මං හිතන්නේ ඒ සුළු සුළු වැරදි හදාගෙන ඉදිරි තරග 3 ක්‍රීඩා කළොත් අපිට අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්‘‘

මේ අතර  දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අවසන් එක්දින තරග 10 ම පරාජයට පත්වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග 10 එකදිගට පරාද වුන බව නොසිතන බවත්, කණ්ඩායම තරඟ කරන්නේ තරඟයෙන් තරඟයට බවත්ය.  

(under the courtesy of nethgossip.lk news web)

More News »