12 වැනි වතාවටත් රංගන නම තබයි

2018-07-24 11:01:00       553
feature-top
තවත් ටෙස්ට් වාර්තාවකට හිමිකම් කීමට ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් සමත්ව තිබෙනවා.

ඒ, ටෙස්ට් තරගවල සිව්වන ඉණිමේ දී කඩුලූ 05 බැගින් වැඩිම වාර ගණනකදී දවා ගනිමින්.

රංගන හේරත් සිව්වන ඉණිමේදී කඩුලූ 05 බැගින් අවස්ථා 12කදී දවා ගෙන තිබෙනවා. මුත්තයියා මුරලිදරන් සහ ශේන් වෝන් එම දස්කම දක්වා ඇත්තේ අවස්ථා 07 බැගින් පමණයි.

ඊයේ (23) නිමා වූ ටෙස්ට් තරගයේ  දකුණු අප‍්‍රිකානු දෙවන ඉණිමේදී  ලකුණු 98කට කඩුලූ 06ක් බිඳ හෙලීමට රංගන හේරත් සමත් වුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »