ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ගෙන එන ගෘහ සේවිකාවන් ගුවන් තොටුපළේදි හඳුනා ගන්න වෙනම ඇඳුමක්!

2018-07-23 11:31:00       375
feature-top
ශ්‍රී ලංකාවට වැඩිපුරම විදෙස් විනිමය ගෙන එන්නේ ගෘහ සේවිකාවන් වශයෙන් විදෙස් සේවයට යන පිරිස විසින් බව කියවේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එතරම්ම දායකත්වයක් සපයන ඔවුන්ට ශ්‍රී ලංකාවෙන්ද ගෞරවය හිමි විය යුතුය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග විදෙස් සේවයට පිටත්ව යන කාන්තාවන්‍ට වෙනම ඇඳුමක් නියම කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. ඩුබායි හී අල් ඩූරා නම් රැකියා ආයතනයක් ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන්ට මෙලෙසින් වෙනම ඇඳුමක් නියම කර තිබෙන්නේ මෙම කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙසට හඳුනාගැනීමට බවයි කියවෙන්නේ.

කහ පැහැති ටී ෂර්ටයක් සහ කලු පැහැති සායක් මෙලෙසින් ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට එම රැකියා ආයතනය විසින් නියම කර තිබේ.

කෙසේ වෙතත් මෙලෙසින් ඇඳුමක් නියම කිරීම එම සේවිකාවන්ට සිදු කරනා අපහාසයක් බවට සමාජජාලා මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් ගොඩ නැගී තිබේ.

(under the courtesy of nethgossip.lk news web)

More News »