කෘෂිකාර්මික කටයුතු සඳහා ජනතාව ලබාගත් ණය අහෝසි කරනවා

2018-07-23 09:12:00       576
feature-top
කෘෂිකාර්මික කටයුතු සඳහා ග්‍රාමිය ජනතාව ලබාගත් ණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාමිය ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරියේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »