"පැවත එන්නේ අශෝකමාලා පරපුරෙන් ලු, අමුතු බිස්නස් කරන මිනිස්සුත් ගම පුරාම" දරුවාට බියර් පෙවූ නරුම පියාගේ ගම ගැන අලුත් කතාවක්!

2018-07-21 02:28:00       686
feature-top
පසුගිය දින රටෙහිම ආන්දෝලනයට ලක්වු සිදුවීමක් වූයේ සිය මිතුරන් සමග විනෝද වෙමින් සිටි පියෙකු සිය දරුවාට මත්පැන් බෝතලයකින් යම් දියරයක් පෙවීමේ සිදුවීමයි.

මේ කතාවේ කතා නායකයා මේ දරුවාගේ පියා වන කේ.ජී.වී. රෝහණ සරත්චන්ද්‍ර නම් පුද්ගලයා 40 හැවිරිදි එක්දරු පියෙකි. එය වීඩියෝ ගත කර මුහුණුපොතට මුදා හැරි බවට සැක කරන මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් 38 හැවිරිදිය. මේ සියලුම දෙනා දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

සිද්ධියට මුහුණදුන් දරුවා ලක්ෂයක බැඳුම්කරයක් මත පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දරුවාගේ මවට භාර දීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉකුත් ජූලි 18 වැනි දින පළමුවරට මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම අවස්ථාවට මෙම සැකකරුවන් පදිංචි මීගලෑව පොලිස් වසමේ 313 ගණන්ගමුව ගම්මානයේ පදිංචි ස්ත්‍රී, පුරුෂ පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ. මෙම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබිණි. "මේ ළමයාට බියර් නෙමේ පෙව්වේ වතුර" මාධ්‍යවේදීන්ට ඔවුන් විරෝධය පළ කළේ එසේ පවසමිනි.

අදාළ සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් තුන් දෙනකු පෙනී සිටියහ. ඔවුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ එම සිද්ධිය පිළිගන්නා බව හා නොදැනුවත්කම නිසා එවැන්නක් සිදුවූ බවය. ඒ ප්‍රකාශයට අනුව නම් මේ දරුවාට නොදැනුවත්කමින් හෝ පොවා ඇත්තේ වතුර නොව බියර්මය.

මෙම පුද්ගලයන් පදිංචි ගම්මානයද සුවිශේෂය. ඒ පිළිබද අපූරූ තොරතුරු රැසක් මාධ්‍ය මගින් හෙළිකර තිබුනි.

ශ්‍රී ලංකාවේ ගම්මානයක් සතු බට්ටා යනුවෙන් හැඳින්වෙන වාහන 175ක හිමිකරුවන් සිටින ගමක්ය. මේ  මීගලෑව ගණන්ගමුව ප්‍රදේශය අශෝකමාලා පරපුරෙන් පැවැත එන ජන කොට්ඨාසයකට අයත් බහුතරයක් පදිංචි ගම්මානයකි. 

මේ ගමේ හැම නිවැසියකුටම පාහේ අඩුම ගණනේ ත්‍රීරෝද රථයක් හෝ හිමිය. ඩිමෝ බට්ටා වාහන හිමියන්ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. නවීන මෝටර් රථ සහ වෑන් රථ කිහිපයක හිමිකරුවන්ද ඒ අතරය. මේ අතර ගාල්ල, මාතර, අනුරාධපුර, කතරගම, පොළොන්නරුව ආදී අෑත දුර ප්‍රදේශවලට ගොස් විහාරස්ථාන හදන්නට වකුගඩු සහ හෘද රෝගීන්ට ආධාර එකතු කරන්න ව්‍යාජ ටිකට්පත් හා ව්‍යාජ ලිපිගොනු සකස් කර ගෙන ඒ කූට ව්‍යාපාරයන්හි නිරත වන්නන්ද නැතුවාම නොවේ.

සාලිය අශෝකමාලා පරපුරට අනන්‍ය වූ නීචකුල බන්ධන වශී ගුරුකම් කරන ගුරුකම් මධ්‍යස්ථාන කිහිපයක්ද ගමේ තැන තැන පිහිටා ඇත.

මව විදෙස් ගතව සිටීම නිසා සහ මව, පියා දෙදෙනාම කුමන හෝ ජීවන වෘත්තියකට හිමිදිරියේම නිවෙස්වලින් පිටවන නිසා දහවල් කාලයේ ගම තුළ සිටින්නේ විවිධ වයස් මට්ටම්වල දරු දැරියන්ය. මීගලෑව අවට පාසල්වලට අධ්‍යාපනය ලබන්නට යන මේ දරු දැරියන් සවස් කාලය ගත කරන්නේ මවුපිය රැකවරණයෙන් සහ උණුසුමින් තොරවය. ඔවුන් ගැන සොයා බලන්නට ඔවුන්ට ඔවුන් හැර වෙනත් කිසිවකු නැත. මේ නිසා ඔවුන්ට ලැබී ඇති අසීමිත නිදහස ඔවුන් භුක්ති විඳිමින් සිටින බව කියවේ. මේ නිසාමදෝ මේ ගමේ බොහෝ දරුවන් ඉතා අඩු වයසින් විවාහකයන් බවට පත්ව මවුපියෝ වෙන බවද කියවේ.

(under the courtesy of nethgossip.lk news web)

More News »