"මලීක්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ?" විවාදය මග හැරි අනුර කුමාර ගැන විමල් කියපු රස කතාව! (VIDEO)

2018-07-20 02:24:00       365
feature-top
පාර්ලිමේන්තුවේ ඊයේ දින (19) පැවැති විවාදයකදි ඒකාබද්ධ විපක්ෂ පාර්ලීමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දැක්වූ අදහසක් කතාබහට ලක්ව තිබෙනවා. එහිදි පසුගිය දින පාර්ලිමේන්තුවේදි විවාදයට ලක්වූ සිංගප්පූරූ ගිවිසුම පිළිබද විවාදයට සහභාගි නොවී සභාව මග හැරි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පිළිබදවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අදහස් දැක්වූවා.

මෙම සිංගප්පුරූ ගිවිසුම අත්සන් කිරීම මගින් ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිඵල රාශියක් අත්වී ඇතැයි වෘත්තියවේදින් ඇතුලු බොහො පිරිසක් පසුගිය කාලයේ චෝදනා කළා. මෙම ගිවිසුම අත්සන් කිරීමට මූලීකත්වය ගත්තේ එජාප අමාත්‍ය මලීක් සමරවික්‍රය ය.

මේ පිළිබදව අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ

" මලීක් සමරවික්‍රම ඇමතිතුමාගේ විවාදය තිබුනා ඊයේ, නමුත් රතු අලිපැටවුන්ගේ මහ අලි පැටියා ඒ දවසෙම අතුරුදහන්, මලීක්ට ගහද්දි චංචලාට රිදෙනවා, මලීක්ගේ ගෙදරින් තමයි සල්ලි මලු ලැබෙන්නේ" යනුවෙනි.

එම වීඩියෝව පහතින්,


(under the courtesy of nethgossip.lk news web)

More News »