ගෝඨාභය ඇතුළු 07 දෙනෙකුට සිතාසි

2018-07-20 12:54:00       647
feature-top
ඉකුත් රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 80කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියෙ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනෙකුට සැප්තැම්බර් මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

අදාළ පැමිණිල්ල අද (20) කැඳ වූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ අනුව ඒ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන මෙන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට සැප්තැම්බර් මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ.

(under the courtesy of hitnews.lk news web)

More News »