ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක සුපිරි ක්‍රීඩක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක් (VIDEO)

2018-07-19 04:52:00       367
feature-top
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීම පිළිබඳ ශ්‍රීලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අද (19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා.

එහිදී ඔහු සඳහන් කළේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවීමට යන දේ දැනගැනීමෙන් තමන් අතිශ්‍ය කණගාටුවට පත්වූ බවයි. එම ක්‍රීඩාංගණයේ තමන්ටද කඩුලු සියය සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණක් බවත් රංගන හේරත් මෙහිදී පැවසුවා..

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මේ ගැන දැනගන්න ලැබුණාම මම ගොඩක් කනස්සල්ලට පත් වුණා. මම පෞද්ගලිකව කනගාටුවෙනවා ගාලු ක්‍රීඩාංගණයට ඒ වගේ අවස්ථාවක් උදා වුණොත්. ගාලු ක්‍රීඩාංගණයේ කඩුලු සීයක් දවාගන්න මට තව තියෙන්නෙත් එක් කඩුල්ලයි

වීඩියෝව පහතින් නරඹන්න

(under the courtesy of nethgossip.lk news web)

More News »