‘‘සල්ලි වලට නීතිය යටයි- ලිපියක් ලියා තරුණයා දුම්රියට පනී

2018-07-19 03:07:00       690
feature-top
‘‘සල්ලි වලට නීතිය යටයි. නීතියෙන් මට වුණේ හැමදාම අසාධාරණයක්‌ මම කරපු නැති දේකට මාව බන්ධනාගාරයට යෑව්වා. ඒකයි මට දුක‘‘ යන්න ලිපියක්‌ ලියූ 25 හැවිරිදි තරුණයකු ඉකුත් 15 වැනිදා වේයන්ගොඩ සහ හීන්දෙනිය අතර දුම්රිය මාර්ගයේදී දුම්රියකට ගෙල තබා සියදිවි හානිකරගෙන තිබේ.

වේයන්ගොඩ, කරස්‌නාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සමරප්පුලි ආරච්චිලාගේ සජිත් රොෂාන් සමරප්පුලි නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණයා මෙසේ සියදිවි හානි කරගෙන තිබේ.

ගම්පහ හදිසි මරණ පරීක්‌ෂක පී. ආර්. පී. රාජපක්‌ෂ මහතා ඉදිරියේදී ගම්පහ මහ රෝහලේදී 16 වැනිදා හදිසි මරණ පරීක්‌ෂණය පැවැත්විණි.

වේයන්ගොඩ පොලිසියේ කොස්‌තාපල් කේ. ඒ. එස්‌. බාලසූරිය (45581) සාක්‌ෂි මෙහෙයවීම මත මියගිය අයගේ මව වූ මංගලිකා රූපනී යන අයද සාක්‌ෂි ලබාදුන් අතර එම මරණය සියදිවි නසා ගැනීමක්‌ බව මරණ පරීක්‌ෂකවරයා තීන්දු කළේය.

(under the courtesy of nethgossip.lk news web)

More News »