උතුරේ හින්දු කෝවිල් හමුදා සහය ඉල්ලයි

2018-07-17 08:47:00       753
feature-top
 සිය වාර්ෂික පූජා මංගල්‍යයන් සංවිධාන කිරීම සඳහා උතුරු හින්දු කෝවිල් හමුදා සහය ඉල්ලා තිබෙනවා. පැමිණ සංවිධාන කටයුතුවලට සහය වන්නැයි උතුරේ සෑම කෝවිලකම පාහේ භාරකරුවන් හමුදා සේනාංකවලට ආරාධනා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. විශේෂත්වයක් වන්නේ උතුරේ හින්දු කෝවිල් හමුදාවට මෙම ආරාධනය සිදු කර ඇත්තේ හමුදාවට කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා උතුරේ රාජ්‍ය නිලධාරීන්ට ඉකුත්දා නියෝගයක් ද කර තිබෙන පසුබිමක වීමයි. 
(under the courtesy of nethnews.lk news web)

More News »