නියෝමාල් රංගජීව හා රංජන් ළමාහේවා යළි රිමාන්ඩ්

2018-07-17 01:39:00       567
feature-top
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් ලබන 31 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නියොමාල් රංගජිව හා එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.

(under the courtesy of newsfirst.lk web)

More News »