පේරාදෙණිය ඉංජිනේරු පීඨය නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

2018-07-17 12:20:00       365
feature-top
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය අද (17) උදැසන හයට නැවත දැණුම් දෙන තුරු තාවකාලිකව වසා දමා ඇති බව උපකුලපති මහාචාර්ය උපුල්.බී.දිසානායක පවසයි.

එම පිඨයේ සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් හේතුවෙන් මෙලෙස ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාලයට පැමිණීමේ 80% සම්පුර්ණ කර නොමැති සිසුන් 3%ක් පමන සිටින අතර එක් දිනයක්වත් විශ්වවිද්‍යාලයට නොපැමිනි සිසුන් සිව් දෙනෙකු සිටින බව ද ඔහු පැවසී ය.

80%ක් වන පැමිණීම සනාථ කිරීමට අපොහොසත්වීම හේතුවෙන් එම සිසුන්ට විභාගය සඳහා පෙනී සිටීමේ අවස්ථාව ලබා නොදීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

එම තීරණයට එරෙහිව සිසුන් දින කිහිපයක සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත ඇත.

කෙසේ වෙතත් අද සවස 02.00 වන විට ඉංජිනේරු පීඨයේ සියළුම සිසුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බව ද උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක සඳහන් කළේ ය.

(under the courtesy of hitnews.lk news web)

More News »