මානව හිමිකම් කොමිසම ඉදිරිපිට පුද්ගලයෙක් විරෝධතාවයක

2018-07-16 05:08:00       594
feature-top
කොලඹ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට මාර්ගයේ පුද්ගලයෙක් විරෝධතාවයක් හේතුවෙන්  මේ වන විට බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ වාහන තදබදයක් වාර්තා වනවා.

අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියේ විරෝධතාවයේ යෙදෙන පුද්ගලයා විසින් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලක් නිසි ලෙස විභාග නොකළ බව දන්වමින් එම පුද්ගලයා පළමුවෙන්ම ඩුප්ලිකේෂන් මාර්ගය හරහා නිදාගෙන ඇති අතර පසුව පොලිසිය පැමිණෙනවාත් සමග මාර්ගය අසල නතර කර තිබු ලොරියක් යටට රිංගා ගෙන සිටින බවයි.

මේ වන විට ඔහුව එම ස්ථානයෙන් ඉවතට ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

(under the courtesy of nethnews.lk news web)

More News »