මාධ්‍යට පවතින වගකීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

2018-07-16 05:06:00       641
feature-top
මෙරට ඉතිහාසය පිළිබඳ අනාගත පරපුර දැනුවත් කිරීම සඳහා මාධ්‍යට විශාල වගකීමක් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ වත්මන් රජය විසින් මෙරට ඉතිහාසය පිළිබඳව  දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

කුරුණෑගල, බෝපිටිය විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. 

කුරුණෑගල පන්නල බෝපිටිය ශ්‍රී සුදර්ශණාරාමය රාජ මහා විහාරස්ථායක් බවට පත්කිරීමේ පුණ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පැවැත්වුණි.  

එහිදී ඊට අදාළ සන්නස්පත්‍රය අග්‍රාමාත්‍යවරයා විසින් විහාරස්ථානයේ විහාරාධිපති කටුගම්පළ හත්පත්තුවේ අධිකරණ සංඝනායක පුජ්‍ය හුණුවිල සුමනරතන හිමි වෙත පිළිගන්වනු ලැබුවේය. 

(under the courtesy of adaderana.lk news web)

More News »