කණගාටුවෙන් වුනත් කියන්න ඕන , මරණ දණ්ඩනය නියමූවන්ගෙන් පළමුවැනියා කාන්තාවක්..!

2018-07-16 04:27:00       749
feature-top
මේ දවස්වල ලංකාවෙ වැඩි වශයෙන්ම කතාබහට ලක්වෙන්නෙ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්න ඕනද නැද්ද කියලා. කොහොම වුනත් මේ අතරෙ මරණ දණ්ඩනය නියමූවන් පිළිබඳව ප්‍රකාශයක්  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ අද (16) ප්‍රකාශ කළා. ඒ  කහවත්ත ප්‍රදේශයේදී පැවති විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය ප්‍රකාශ කලේ බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම ඇතුලත් වන්නේ කාන්තාවකගේ නමක් බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙලෙසද ප්‍රකාශ කලා.

මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන් වීම පිළිබඳව කනගාටු වෙනවා. දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබඳව දන්නවා. බන්ධනාගාරයට ගියාම ජීවිතය එපා වෙනවා. මත්කුඩු ජාවාරමේ තවදුරටත් නිරත වන මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිවුවා. ඒ ලැයිස්තුව ඉල්ලලා යවපුවාම කනගාටුවෙන් කියන්න ඕන ඒකෙත් පළවෙනියාටම ඉන්නේ කාන්තාවක්.

මේ රට අපි භාර ගන්න කොට නීතිවිරෝධී සංක්‍රමණික පාරාදීසයක්. අපේ රට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තිබුණා. මේකට නිලධාරීන් සම්බන්ධයි. ඇතැම් බන්ධානාගාර නිලධාරීන් සම්බන්ධයි. ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධයි. හිතන්නේවත් නැති අය මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කරන්නේ හරි දේ. වැලිකඩ බන්ධනාගාරය තුළ තමයි මත්කුඩු ජාවාරම මෙහෙය වන්නේ කියලා පුවත්පතක මුල් පිටුවේ පළ වෙලා තිබුණා. හැම අභියෝගයකටම මුහුණ දීලා මේ රටේ පාතාලය, මත්කුඩු ජාවාරම මර්දනය කරන්න කටයුතු කරනවා.


(under the courtesy of nethgossip.lk news web)

More News »