යළි රාජකාරියට එන්න සූදානම් වන හිටපු වධකයින් දෙදෙනා මරණ දඬුවම ගැන කියන කතාව

2018-07-16 03:20:00       657
feature-top
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ඕනෑම මොහොතක වධක රාජකාරිය භාරගැනීමට සූදානම් බව  හිටපු වධකයන් දෙදෙනා පවසයි.

මොවුන් දෙදෙනා 2013 වසරේ පෙබරාවාරී මාසයේදී නිවාඩු ලබාගොස් නැවත සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව මත සේවය හැරගිය බවට කටයුතු කර තිබුණි.

හිටපු හමුදා සෙබළුන් වන මොවුන් දෙදෙනාම  වධක රාජකාරියට අදාළ මාස එක හමාරක විධිමත් පුහුණුවක්ද ලබා ඇත.

මින් එක් අයෙක් මීගමුවේ පදිංචි 36 හැවිරිදි සරත් පුෂ්පකුමාර නම් අයෙකු වන අතර , අනෙක් පුද්ගලයා බියගම පදිංචි යූ.ඩී. පද්මසිරි වෙයි

කෙසේ වෙතත්  වධක තනතුරු දෙකට ඉල්ලුම්පත් කැඳවීම මෙම සතියේ සිදුකරන බව බන්ධනාගාර කොමසාරිස්වරයා පසුගියදා ප්‍රකාශ කළේය.

(under the courtesy of nethgossip.lk news web)

More News »