ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග රැසක්

2018-07-16 12:28:00       634
feature-top
ග්ලයිෆොසෙට් භාවිත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරියේදී හඳුන්වා දෙන බව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය පවසනවා.

නීත්‍යානුකූල නොවන අයුරින් වෙනත් බෝග සඳහාද ග්ලයිෆොසෙට් භාවිත කිරීම වැළැක්වීම මෙහි අරමුණයි. පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් ජේ. ඒ. සුමිත් නෙත් නිවුස් වෙත කියා සිටියේ ග්ලයිෆොසෙට් බෙදා හැරීමද එක් ආයතනයකට සීමා කිරීමට තීරණය කර ඇති බවයි. 

තේ සහ රබර් වගාකරුවන් හැර වෙනත් බෝග සඳහා ග්ලයිෆොසෙට් භාවිතය වැළැක්වීමේ අරමුණින් නව ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

(under the courtesy of nethnews.lk news web)

More News »