දකුණු අප්‍රිකානුවොත් සුපිරි ඉනිම අගයද්දී හතුරු නැති අඩුව පිරවූ තිලාන්ගෙන් ලැබුණ උපදෙස ගැන රහසක් දිමුත් හෙළි කරයි (VIDEO)

2018-07-13 10:20:00       600
feature-top
ජීවිතයේ ලබාගත් හොඳම ඉනිම් තුන අතර ඊයේ (12) රැස් කළ ඉනිම තිබෙන බව ශ්‍රීලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න පවසයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (12)ගාල්ලේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදී දිමුත් නොදැවී ලකුණු 158ක් රැස් කළේය.

දිමුත් එම ඉනිම පිළිබඳ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මෙවැන්නකි.

"මේ ඉනිම මගේ ජීවිතයේ ලබාගත් හොඳම ඉනිම් තුන අතර තියෙනවා. ලෝකයේ හොඳම වේග පන්දු යවන්නන්ට එරෙහිව මම මගේ විදිහට තමයි සැලසුම් කළේ පහර දෙන්න. නමුත් පළමු ඕවර පහළොව ලේසි වුණේ නැහැ. මට තිලාන් අයියා කිව්වේ අනිත් පැත්තේ සේරම අවුට්‌ වුණත් ඔයා නොදැවී ඉන්න ඕන කියලා" 
 
චන්දිමාල් නොමැතිවීම පාඩුවක්‌ වුණත් කණ්‌ඩායමේ මානසිකත්වය ඉතාමත් ඉහළ මට්‌ටමක තිබෙන බවත් වෙනදා දකින්න ලැබෙන ගාලු තණතීරුවට වඩා මෙවර ටිකක්‌ වෙනස්‌ ආකාරයෙන් තණතීරුවේ ඉපිලීමක්‌ තිබූ බවත් කරුණාරත්න පවසයි. 

ශ්‍රී ලංකාවේ කඩුලු තුනක්‌ බිඳ දැමූ ටෙබ්රයිස්‌ ෂම්සි පවසා සිටියේ ශ්‍රී ලංකාවේ අවසන් පිතිකරුවන් ඉතාමත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ බවත්, මෙවැනි දේවල් ටෙස්‌ට්‌ තරගවලදී සාමාන්‍යයෙන් දකින්න ලැබෙන බවත්ය. දිමුත් කරුණාරත්නගේ ඉනිම ඉතාමත් විශිෂ්ට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ

ශ්‍රීලංකා කණ්ඩායමේ කඩුලු වැටීම පහතින් නරඹන්න

(under the courtesy of nethgossip.lk news web)

More News »