ටින් මාළු ආනයනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක්

2018-07-12 12:46:00       56
feature-top
වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසනවා. චීනයෙන් ආනයනය කළ ටින් මාළු පිළිබද පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ආනයනික ටින් මාළු තොග ඇතුළත් කන්ටේනර් අසූවක් පරීක්ෂා කිරීමෙන් පසු නිසි ප්‍රමිතියට නොමැති වීමෙන් ආපසු හරවා යැවූ බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආදාළ ආයතන කිහිපයක නියෝජිතයන් සහභාගී වුණා. චීනයෙන් ආනයනය කර ඇති ටින් මාළු සම්බන්ධයෙන් මතුව ඇති මෙම ගැටලුව පිළිබද සොයා බැලීමට දූත පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි. මෙරට විශේෂ නිලධාරී කණ්ඩායමක් ද චීනයට යැවීමට තීරණය කර තිබෙනවා. දේශීය පරිභෝජනය සදහා ගුණාත්මකබවින් යුත් ප්‍රමිතියෙන් ඉහළ ටින් මාළු සැපයීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

Courtesy :itnnews.lk

More News »