මග හරස්කොට අල්ලාගත් පොළොන්නරුවේ ප්‍රබල දේශපාලඥයකුගේ ගෝලයාගේ දඩමස් ජාවාරම

2018-07-12 11:44:00       393
feature-top
පොලොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් ඊයේ (11) උදෑසන ලද තොරතුරකට අනුව පෙ.ව 9.00 ට පමණ දඩමස් රැගෙන එන වාහනයක් පරික්ෂා කිරීමට උත්සහා කළ අතර එම වාහනය වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කර තිබෙනවා. එය හඹා ගොස් වාහනය හරස් කොට නවතා වාහනය පරික්ෂා කිරීමේදී වේලන ලද ගෝන මස් කිලෝ 10ක් සොයාගැනීමට වනජීවී නිලධාරීන් හට හැකිව තිබෙනවා.

අනතුරුව පොලොන්නරුව උසාවියට ඊයේ (11) ඉදිරිපත් කර ඇති අතර රුපියල් 40,000/= දඩයක් නියම කර ඇත. මොහු ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාර කරුවෙකු වන අතර ඔහුගේ හෝටලය වෙත කලක සිට මෙසේ මස් රැගෙන යන බවද අනාවරණය වී තිබෙනවා..

(under the courtesy of nethnews.lk news web)

More News »