ඇමති මණ්ඩලය තීරණය අනුව සිංහරාජයේ අලි දෙන්නාගේ ඉරණම විසඳෙන හැටි මෙන්න

2018-07-11 05:01:00       424
feature-top
සිංහරාජ වනාන්නතරයේ ජීවත්වන අලි දෙදෙනා සුදුසු පාරිසරික තත්ත්වයන් යටතේ රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක රැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

සිංහරාජ වනාන්තරය අවට ගම්වාසීන්ට තර්ජනයක්ව සිටින මෙම අලි දෙදෙනා අල්ලාගෙන වෙනත් ප්‍රදේශයකට මුදා හැරිම සඳහා පසුගිය දිනවල මෙහෙයුම් ක්‍රියාත්මක කළද ජනාධිපතිවරයාගේ නියමයෙන් එය නවතාලනු ලැබුවා. පරිසරවේදීන් පෙන්වා දුන්නේ මෙම අලි දෙදෙනා වෙනත් පරිසරයකට මුදා හැරියහොත් ගැටළු ඇතිවන බවය. මේ සියළු කාරණා සැලකිල්ලට ගනිමින් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ අනුමැතිය ලැබුණා.

ඒ අනුව කලවාන ප්‍රදේශයේ හෙක්ටයාර 67 (අක්කර 165ක) ක භූමිභාගයක මෙම අලි දෙදෙනා රඳවනු ඇති.

(under the courtesy of nethnews.lk news web)

More News »