චීනයේ ලියංජියෑංග් ප්‍රදේශයට මරියා සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑම්

2018-07-11 10:31:00       600
feature-top
චීනයේ ෆුජියාන් පළාතේ ලියංජියෑංග් ප්‍රදේශයට මරියා සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වුණා.සුළි කුණාටුවත් සමග මුහුදු රළ මීටර් 10 ක් පමණ උසට නැගුනු බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් වෙරළාසන්නයේ ඉදිකරමින් තිබූ අධිවේගී මාර්ගයක් ද විනාශ වී තිබෙනවා. සුළඟත් සමග අධික වර්ෂාවක් ඇතිව තිබෙනවා. නැගෙනහිර චීනයේ දසදහසකට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. මරියා සුළි කුණාටුව තවදුරටත් වර්ධනය විය හැකි බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.


Courtesy :itnnews.lk

More News »