'ප්‍රබල අවාසියක්' නායක චන්දිට, හතුරුසිංහට දකුණු අප්‍රිකා තරගාවලිය අහිමි වේවිද? තීරණය ලැබෙන්නේ මෙහෙමයි!

2018-07-10 09:33:00       670
feature-top
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රීකාව අතර ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා නායකයා, පුහුණුකරු සහ කළමණාකරුට සම්බන්ධ විය හැකි දැයි බවට වන තීරණය හෙට (11) ප්‍රකාශයට පත් වීමට නියමිතය. එනම් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම විසින් සිදු කළ පැය දෙකක තරග වර්ජනය සම්බන්ධයෙන් අයි.සී.සී.ය ලබා දෙන තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ හෙට දිනයේ වන බැවිනි.
 
මීට පෙර අද (10 දා) අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ සිදුකිරීමට නියමිතව තිබුණද එය හෙට දිනය දක්‌වා කල් ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මාධ්‍යයට පවසනවා.
 
"හෙට තමයි අයි.සී.සී. තීන්දුව ලබාදෙන්නෙ. දවසකින් කල් ගියා. 12 වැනිදා ටෙස්‌ට්‌ තරගයට ඉස්‌සල්ලා අපේ කරුණු විමසලා ඒ අය තීන්දුවක්‌ හෙටම දෙනවා." යෑයි ප්‍රධාන විධායක නිළධාරීයා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහට එරෙහිව අයි.සී.සී.ය විසින් පත්කළ අධිකරණ විනිසුරුවකු විසින් නිදහසට කරුණු විමසා තීන්දුවක්‌ ලබාදීමට නියමිතය.
 
ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කළ එංගලන්ත ජාතික අධි නීතිඥයකු වන මයිකල් බිලෝෆ් විසින් අදාළ පරීක්‍ෂණය සිදුකරනු ලබයි. දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කළ බවට අදාළ තරගයේදී වරදකරු බවට තීන්දු කළ නීතිඥවරයා විසින්ම මෙම පරීක්‍ෂණයද සිදුකිරීමද විශේෂත්වයකි.
 
ශ්‍රී ලංකා නායක, පුහුණුකරු සහ කළමණාකරු තිදෙනාව වරදකරුවන් බවට පත්කළහොත් ඔවුන්ට දකුණු අප්‍රිකාව සමග ටෙස්‌ට්‌ තරග දෙකටම සහභාගි නොවීමට සිදුවේ. කෙසේ වෙතත් ප්‍රශ්නය මතු වූ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සාක්‌කි නොපෙන්වා දිනක්‌ පසුවී දඩුවම් කිරීමට තීන්දු කිරීම පැය දෙකක වර්ජනයට හේතු විය. එහිදී නිදහසට කරුණු විත්තිකාර පාර්ශ්ශවය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර අවසන් තීන්දුව නීතිඥයා විසින් ගනු ලබයි.

යම් හෙයකින් චන්දිමාල්ට මෙම තරගාවලිය අහිමි වුවහොත් සුරංග ලක්මාල් මෙම තරගාවලියේ නායකත්වය දරනු ඇත.

(under the courtesy of nethgossip.lk news web)

More News »