"ස්ටේන්, රබඩා, ෆිලැන්දර්ට රිදෙන්නම වදියි" ශ්‍රී ලංකා 

2018-07-09 10:57:00       818
feature-top
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 287ක් රැස් කළේය. ශ්‍රී ලංකා මුල් පෙල ක්‍රීඩකයන් දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන්නන්ට එලවා පහර දීම විශේෂත්වයකි. ධණුෂ්ක ගුනතිලක පන්දු 66කින් වේගවත් ලකුණු 53ක් රැස් කළ අතර කෞෂාල් සිල්වා ලකුණු 76ක් රැස් කළේය.

කෞෂාල් සිල්වා දුවද්දී දැවී යාමකට හසූවූ අතර ආන්ජලො මැතිවුස් ලකුණු 92ක් රැස් කළේය.

මෙහිදි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් දැඩි පහර කෑමකට ලක්වූ අතර ඩේල් ස්ටේන්, රබාඩා සහ ෆිලැන්දර් තිදෙනා පන්දුවාර 32ක් යැවූවද කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ශම්සි කඩුලු 5ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 287 ට පිළිතුරු වශයෙන් ලකුණු 338 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වූහ. පළමු දිනය තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 321 ක් එක්කර ගත්තේය.  

දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ෆෆ් ඩුප්ලෙසී තරමක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 85 කදී ලකුණු 79 ක් රැස්කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වෙමිනි. ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඩුප්ලෙසී සිය අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 13 කින් සරසා තිබිණ. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.

(under the courtesy of nethgossip.lk news web)

More News »