නැගෙනහිර ආණ්ඩුකාර නිල නිවසේ රථගාලෙන් බෝම්බ 2ක් හමුවෙයි

2018-07-06 04:54:00       748
feature-top
නැගෙනහිර ආණ්ඩුකාර නිල නිවසේ රථගාලෙන් බෝම්බ 2ක් හමුවෙයි
නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ  මඩකලපුව නිල නිවාස පරිශ්‍රයේ තිබී ඊයේ සවස  අත් බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය පැවසිය.

ආණ්ඩුකාරවරයාගේ නිල නිවස අසල  රථගාල අසල පවිත්‍ර කිරීමේදී මෙම බෝම්බය සොයා ගැන ඇත.

මඩකලපුව  පොලිසියට දැනුම් දීමෙන් අනතුරව  පොලිසිය  හා බෝම්බ නිෂ්ක්‍රිය කරන විශේෂ කමාන්ඩෝ පිරිසක් විසින් බෝම්බ දෙක සොයා ගෙන ඇත.  

මෙම  සිදුවීම් සම්බන්ධව මඩකලපුව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වයි.

(under the courtesy of asianmirror.lk news web)

More News »