‘‘උගතුන් යැයි කියාගන්න අය මෙහෙම නම් සාමාන්‍ය මිනිස්සු‘ - උපාධි ප්‍රධානෝත්සවයකින් පසු පේරාදෙණි සරසවිය එකම කුණු ගොඩක් වූ හැටි (PHOTOS)

2018-07-06 04:21:00       749
feature-top
පහුගිය දවස් වල ලංකාවේ බොහෝ දෙනා ජපාන පාපන්දු කණ්ඩායම ගැන කතා කළා.ඊට එක හේතුවක් වුණේ ලෝක ශූර ජර්මන් කණ්ඩායම ලෝක කුසලානයේදී ජපනුන් හමුවේ පරාජයට පත්වීම.ඒ විතරක් නෙමෙයි මේ හැම තරඟයක්ම ඉවරවෙලා ජපාන පාපන්දු රසිකයින් තමන් හිටපු පිටිය සුද්ද පවිත්‍ර කළා. ලෝක කුසලානයේ ඉදිරියටම යන්න ට්‍රයි කරපු ජපානය බෙල්ජියමත් එක්ක තරඟය පරාජයට වුණාට පස්සේ තමන් හිටපු විවේකාගාරය කුණු බිංදුවක්වත් නැතිවෙන්න සුද්ද කරලා රුසියාවට ස්තූතිත් කරලයි ගියේ..

මේවා අහපු දැකපු අපේ අයත් ජපනුන්ගේ ආකල්ප ගැන බොහෝ ප්‍රශංසස්තාමක මුඛයෙන් අදහස් පළකරලා තිබුණා.ඒ වුණත් ලංකාවේ බොහොම දෙනා අදටත් තමන් ගෙන යන කුණු එහෙම පාරේ විසිකරලයි යන්නේ...

ඊයේ (05) දිනයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයකින් පස්සේ ගනිපු ඡායාරූප පෙලක් ගැන මේ මොහොත් මුහුණු පොතේ අය හරි හරියට කතාවෙනවා.ලංකාවේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයකින් උපාධි,පශ්චාත් උපාධි ලබාගන්නා පිරිස් වල තත්ත්වය මෙසේනම් අනෙක් අය ගැන කතා කරලා වැඩක් නෑ කියලයි බොහෝ අය කියන්නේ.

(under the courtesy of nethgossip.lk news web)


More News »