"විජයකලාගේ කතාවේ වරදක් නෑ, එදා අපේ කාන්තාවෝ ආරක්ෂිතයි, උතුරේ හමුදාව ඉවත් කරන්න" විජයකලාගෙන් පස්සේ විග්නේෂ්වරන් කට අරියි!

2018-07-06 02:42:00       752
feature-top
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා.

කුරිරු කොටි ත්‍රස්තවාදී සංවිධානය නැවතත් ඇති විය යුතු යැයි විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සිදු කළ මෙම ප්‍රකාශය රට පුරා දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර මෙම ප්‍රකාශය නිසාම විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමටද සිදු වූවා.

මේ අතර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පසුගියදා කළ කතාවේ වචන හැසිරවීමේ යම් වරදක් තිබුණද ඇයගේ කතාවේ අරුතේ කිසිදු වරදක් තමා නොදකින බව උතුරු පළාත් සභා මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා

"උතුරේ පසුගිය කාලයේ පැවැති ආරක්ෂාවත්, දැන් පවතින ආරක්ෂාවත් පිළිබඳ විවේචනය කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. මම එම රැස්වීමේ සිටියා මෙතැනදී විජයකලා අමාත්‍යවරිය ප්‍රකාශ කළ කාරණය නිවැරැදිව අවබෝධ කරගෙන නැහැ. ඇය කළ කතාවේ වචනවල වරදක් තිබෙනවා. පසුව මම ඇයගෙන්ම එය විමසුවා. නමුත් වත්මන් අනාරක්ෂිත තත්ත්වය වෙනුවට උතුරේ ආරක්ෂිත වාතාවරණයක් ඇති විය යුතු යැයි ඇය කළ ප්‍රකාශයේ වරදක් මම දකින්නේ නැහැ.

අපගේ ජනතාව ආරක්ෂිතව ජීවත්වූ බව ඇත්තයි. එදා අප පළාතේ කාන්තාවක් ආභරණ පලඳා රාත්‍රියේ නිවෙසට ගියත් ඇයට කිසිවක් සිදු නොවුණු බව ලෝකයාම දන්නා කාරණයක්. අද එලෙසද කඩු කෙටීම්, ගහගැනීම්, ප්‍රචණ්ඩත්වයන්, මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම් උතුරේ වැඩි වෙලා. තරුණයන් අතර අපරාධ වැඩිවී තිබෙනවා.

ඒ නිසයි අපි පවසන්නේ හමුදාව ඉවත් කර උතුරට සම්පූර්ණයෙන් පොලිස් ආරක්ෂාව ලබා දෙන්න. එවිට මේ තත්ත්වය පාලනය කර පෙන්විය හැකි බව" යනුවෙනි.

(under the courtesy of nethgossip.lk news web)

More News »