එංගලන්ත ඉන්දියා පළමු තරගයෙන් ඉන්දියාවට කඩුලු අටක ජයක්

2018-07-04 11:03:00       108
feature-top
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සිය විස්ස තරගාවලියේ පළමු තරඟයෙන් කඩුලු 08 ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

මැන්චෙස්ටර් හිදි දිවා රාත්‍රී  තරගයක් ලෙස ඊයේ (03) පැවති තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්යා ව 159 කි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජෝෂ් බට්ලර් ලකුණු 69 ක් ලබා ගත්තේය.

පිලිතුරු ඉනිම සඳහා ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 02 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

එම ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක නිරත වූ ලෝකේෂ් රාහුල් පන්දු 54කදී ලකුණු 101 ක් ලබා ගත්තේය.

(under the courtesy of adaderana.lk news web)

More News »