ලෝක ශුරතා තරගයක් අතරවාරයේදී ක්‍රීඩා පිටියේ ගුටි කෙලියක් (PHOTOS/ VIDEO)
2018-07-03 11:44:00  ★ 684

ජාත්‍යන්තර පැසි පන්දු ලෝක ශුරත තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් අතරවාරයේදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීමට ජාත්‍යන්තර පැසි පන්දු සම්මේලනය තීරණය කොට තිබෙනවා.
පිලිපීන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පිලිපීනයේ මැනිලා අගනුවරදී ඊයේ (02) පැවති එම තරගයේ තෙවන අර්ධයේදී මෙම ගැටුම ඇති වුනා. එම ගැටුම හේතුවෙන් දෙපිලේම ක්‍රීඩකයින් අතර ගුටිබැට හුවමාරුවක් ඇතිවූ අතර අවසානයේදී තත්ත්වය පාලනය කර ගැනීමට ආරක්ෂක අංශ වලට අමතරව දෙපිලේ ක්‍රීඩා නිළධාරීන්ට පවා මැදිහත් වීමට සිදුවිය.
එම ගැටුමෙන් අනතුරුව යලි තරගය පැවැත්වීමට විනිසුරුවරුන් තීරණය කළ අතර ගැටුමට මැදිහත්වූ පිලිපීන ක්‍රීඩකයින් 09 දෙනෙක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 4 දෙනෙක් තරගයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.
මේ හේතුවෙන් අවසානයේදී පිලිපීන පැසි පන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් 03 දෙනෙක් පමණක් ක්‍රීඩා පිටියේ ඉතිරිවී සිටියා.
තරගය ලකුණු 89-53 ක් වශයෙන් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා. තරගයෙන් අනතරුව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු පැසිපන්දු සම්මේලනය ක්‍රීඩා ලෝලීන්ගෙන් ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ජාත්‍යන්තර පැසි පන්දු සම්මේලනය තීරණය කර ඇත්තේ ස්වාධින පරීක්ෂණයකින් අනතුරුව වැරදිකරුවන්ට එරෙහිව විනය පියවර ගැනීමට බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
ගැටුමේ වීඩියෝව මෙතැනින් නරඹන්න
(under the courtesy of nethnews.lk news web)
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com