නිව්යෝක් ටයිම්ස් අනාවරණය ජනතාව නොමඟ යැවීමේ වෑයමක්

2018-06-29 08:45:00       840
feature-top
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා වෙන්කළ මුදලින් ඩොලර් මිලියන 7.6ක් පසුගිය රජයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා විවිධාකාරයෙන් යොදාගත් බවට කෙරෙන ප්‍රචාර ජනතාව නොමඟ යැවිමේ වෑයමක් බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මැතිවරණයෙන් වසර තුන හමාරකට පමණ පසුව මෙවැනි ප්‍රචාර දියත් කිරිමෙන් රජයට එරෙහිව එල්ල වීඇති චෝදනා යටපත් කිරිමට උත්සහ ගන්නා බවයි.

මේ අතර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ ණය ලබාදීමෙන් රටවල ආර්ථික හා ආරක්ෂක බලය සියතට ගැනිමේ මෙහෙයුමක් චීනය ක්‍රියාත්මක කළ බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වන චෝදනා සම්බන්ධ පුවත්පත් වාර්තාව කිසිදු සාක්ෂියකින් තොරව  ඉදිරිපත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

(under the courtesy of adaderana.lk news web)

More News »