LTTE යුද්ධ කාලයට වඩා දැන් ජන ජීවිතය අනාරක්ෂිතයි

2018-06-28 05:13:00       727
feature-top
එල්.ටී.ටී.ඊ යුද්ධය පැවති කාලයට වඩා අද ජන ජීවිතය අනාරක්ෂිත බව ජනතාවගේ මතය බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාතාලය සම්බන්ධයෙන් රජය උදාසීන ප්‍රතිපත්තියන් අනුගමනය කරන බවත් මේ සතිය තුළ පමණක් මීනී මැරීම් 15 ක් වාර්තා වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කටයුතු කළ බුද්ධ අංශ නිලධාරීන් වත්මන් ආණ්ඩුව බලයට ආ පසු සිරගත කළ බවත් ප්‍රභූ ආරක්ෂාවට යොදා ගන්නා ගිනි අවියක් පාතාලය ගියේ කෙසේදැයි වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »