හම්බන්තොට වරාය නැරඹීමේ අවස්ථාවත් දරුවන්ට අහිමි වෙලා

2018-06-28 05:08:00       726
feature-top
අද වන විට හම්බන්තොට වරාය නැරඹීමේ අවස්ථාවද දරුවන්ට අහිමිවී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (28) කාල්ටන් නිවසේ පැවති උත්සවයට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් දරුවන් බේරානොගත හොත් සමාජයට ප්‍රයෝජනයක් නොමැති පරපුරක් නිර්මාණය වෙන බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඔනෑම දෙයක් විකිණීමට පහසු බවත් එය ගොඩනැගීම අපහසු බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »